26.7 C
Colombo
Thursday, September 11, 2025

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeHot Newsසමෘද්ධි ප්‍රතිලාභ ලබන පවුල්වලින් 33%කට සමෘද්ධිය හිමි නොවිය යුතුයි

සමෘද්ධි ප්‍රතිලාභ ලබන පවුල්වලින් 33%කට සමෘද්ධිය හිමි නොවිය යුතුයි

සමෘද්ධි ප්‍රතිලාභ ලබන පවුල්වලින් 33%කට ආසන්න ප්‍රමාණයක් සමෘද්ධි ප්‍රතිලාභය හිමි නොවිය යුතු පවුල් බව රජයේ ගිණුම් පිළිබඳ පාර්ලිමේන්තු කාරක සභාවේදී (කෝපා කමිටුව) තොරතුරු අනාවරණය වී ඇත.

මෙයට අමතරව ඊට සමාන  පවුල් ප්‍රමාණයකට සමෘද්ධි ප්‍රතිලාභය හිමි විය යුතු වුවද ඒ ප්‍රතිලාභය මෙතෙක් හිමිවී නොමැති බව කෝපා කමිටුව පවසයි.

මුළු දිවයිනම ආවරණය වන පරිදි 2015 සිට 2017 දක්වා කරන ලද සමීක්ෂණයකදී මෙම තොරතුරු අනාවරණය කරගෙන ඇත. සංඛ්‍යාත්මකව පවුල් 449,979 ක් සමෘද්ධි සහනාධාරයෙන් ඉවත් කළ යුතුබව එම කමිටුවේ දී සඳහන්විය.

සමෘද්ධිලාභීන් තෝරාගැනීම්  කිරීමේදී අවිධිමත් ස්වභාවයක් නිරීක්ෂණය වන බව ජාතික විගණන කාර්යාලයේ නිලධාරීහු මෙහිදී පැවසූහ.