31 C
Colombo
Sunday, February 23, 2025

― political ―

ජාතික ජන බලවේගයේ පක්ෂ නායකයින් අද මැතිවරණ කොමිසම හමුවට

ජාතික ජන බලවේගයේ පක්ෂ ලේකම් වෛද්‍ය නිහාල් අබේසිංහ මහතා ඇතුළු පක්ෂ නායකයින් පිරිසක් අද (19) මැතිවරණ කොමිසම හමුවීමට නියමිතය. පළාත් පාලන මැතිවරණ පැවැත්වීමේ සුදානම...
HomeHot Newsසුඩානයේ රැඳී සිටි තවත් ලාංකිකයින් පිරිසක් මුදා ගැනේ

සුඩානයේ රැඳී සිටි තවත් ලාංකිකයින් පිරිසක් මුදා ගැනේ

සුඩානයේ ගැටුම්වලට මැදිව සිටි තවත් ශ්‍රී ලාංකිකයින් පිරිසක් මුදාගෙන තිබේ. 

ශ්‍රී ලාංකිකයින් 06 දෙනෙකු එලෙස මුදාගත් බවයි විදේශ අමාත්‍ය ජනාධිපති නීතීඥ අලි සබ්‍රි මහතා නිකුත් කළ ටුවිටර් පණිවිඩයක දැක්වෙන්නේ.

ජෙඩාහි වැඩබලන කොන්සල් ජනරාල්වරයා විසින් එම පිරිස භාරගෙන ඇතැයි සඳහන් ය.

මීට පෙර කාර්ටුම් අගනුවර රැඳී සිටි ශ්‍රී ලාංකිකයින් 13 දෙනෙකු මුදා ගත්තේ සෞදි අරාබියේ සහය ඇතිවයි. 

සුඩන හමුදා සහ අතුරු හමුදා අතර පවතින ගැටුම් හේතුවෙන් මිය ගොස් ඇති පිරිස 500කට අධික බව විදෙස් මාධ්‍ය වාර්තා කළේ ය.. 

තුවාල ලැබූ පිරිස 4200කට අධිකයි.