30.6 C
Colombo
Thursday, September 11, 2025

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeHot News13 සහ පුංචි ඡන්දය ගැන ඉන්දියාවෙන් දැනුම්දීමක්

13 සහ පුංචි ඡන්දය ගැන ඉන්දියාවෙන් දැනුම්දීමක්

13 වන ව්‍යවස්ථා සංශෝධනය සම්පූර්ණයෙන් ක්‍රියාත්මක කිරීමට සහ පළාත් සභා ඡන්ද විමසීම් පැවැත්වීම සඳහා ඉන්දියාව සහතික වීම යළිත් වරක් අවධාරණය කරන බව ශ්‍රී ලංකාවේ ඉන්දීය මහකොමසාරිස් ගෝපාල් බග්ලේ මහතා යළි අවධාරණය කර තිබේ. 

දෙමළ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් පිරිසක් ඊයේ (29) හමුවූ අවස්ථාවේදී ඔහු මේ බව පවසා ඇත්තේ.

ශ්‍රී ලංකාවේ ඉන්දීය මහ කොමසාරිස් කාර්යාලය නිකුත් කළ නිවේදනයකට අනුව දෙමළ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් විසින් ශ්‍රී ලාංකීය දෙමළ ජනතාවගේ අභිලාෂයන් සහ ඒ ආශ්‍රිත ක්‍රියාකාරකම්වල තත්ත්වය පිළිබඳව ඉන්දීය මහ කොමසාරිස්වරයා දැනුවත් කර තිබේ. 

දෙමළ ඊළාම් විමුක්ති ව්‍යාපාරයේ නායක සෙල්වම් අඩෛක්කලනාදන්, දෙමළ ජනතා විමුක්ති පෙරමුණේ නායක ධර්මලිංගම් සිද්ධාර්ථන්, ඊළාම් ජනතා විප්ලවවාදී විමුක්ති පෙරමුණේ නායක සුරේෂ් ප්‍රේමචන්ද්‍රන්, පාර්ලිමේන්තු මන්ත්‍රී ගෝවින්දන් කරුණාකරම් සහ ප්‍රජාතන්ත්‍රවාදී සටන්කාමී පක්ෂ නායක වෙන්දන් යන පිරිස රැස්වීමට සහභාගී වූ බවයි අදාළ නිවේදනයේ දැක්වෙන්නේ.