22.8 C
Colombo
Wednesday, January 14, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeHot Newsනොසැලිකිලිමත්ව වාහන නවතා තැබුවොත් වැඩ වරදියි

නොසැලිකිලිමත්ව වාහන නවතා තැබුවොත් වැඩ වරදියි

මාර්ගය අවහිර වෙන ආකාරයෙන් රථ වාහන නවතා තැබීමේ දී එම රථ වාහන රැගෙන යාමට සිදුවන බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි නිහාල් තල්දූව සඳහන් කරනවා.

ඒ, අනුව අදාළ රථ වාහන රියදුරන්ට එරෙහිව දැඩිව නීතිය ක්‍රියාත්මක කරන බවයි මාධ්‍ය හමුවකර එක්වෙමින් අද (30) පැවසුවේ.

එමෙන්ම එලෙස වාහනය රැගෙන යාමේ දී පොලිසියට දැරීමට සිදුවන වියදම ද අදාළ රථයේ හිමිකරුට ගෙවීමට සිදුවන බව ද මාධ්‍ය ප්‍රකාශකවරයා වැඩිදුරටත් සඳහන් කර සිටියා.

ඒ, අනුව මාර්ගයේ ගමන් ගන්නා අනෙකුත් වාහන සහ පුද්ගලයින්ට අවහිරවන අයුරින් නොසැලකිළිමත් ලෙස රථ වාහන සිදු නොකරන ලෙසට ඔහු රියදුන්ගෙන් ඉල්ලීමක් ද කළා.