මෙවර දැවැන්තම මැයි දින රැලිය පවත්වන්නේ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ බව එහි ලේකම් පාර්ලිමේන්තු මන්ත්‍රී සාගර කාරියවසම් පවසනවා.
එහි විශාල ජනතා සහභාගීත්වයකින් යුතුව දැවැන්ත වේදිකාවක මෙවර මැයි දින රැලිය පවත්වන බවත් ඒ සඳහා කොළඹ නගරයේ තිබෙන විශාලම ස්ථානය දැනටමත් සූදානම් බව ඔහු පැවසුවා.
තම පක්ෂය රට වෙනුවෙන් රටේ අනාගතය වෙනුවෙන් ඇපකැප වී කටයුතු කරන බවයි මාධ්‍යට අදහස් දක්වමින් ඔහු වැඩිදුරටත් පවසා සිටියේ.