― political ―

වතුකරයේ ජනතාවගෙන් රනිල්ට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් – ජීවන්

මෙවර ජනාධිපතිවරණයේදී රනිල් වික්‍රමසිංහට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් ලබාදීමට වතුකරයේ ජනතාව සූදානම් බව ලංකා කම්කරු කොංග්‍රසයේ මහ ලේකම් සහ අමාත්‍ය ජීවන් තොණ්ඩමන් පවසනවා. 2024 ජනාධිපතිවරණයේ මැතිවරණ...

HomeHot Newsමන්න කන්නාට වෙඩි තැබීමට ආ යතුරුපැදිකරු මාස 05කට පසු කොටුවෙයි

මන්න කන්නාට වෙඩි තැබීමට ආ යතුරුපැදිකරු මාස 05කට පසු කොටුවෙයි

සංවිධානාත්මක අපරාධකරුවෙකු වන මාරිමුත්තු ගනේශ් රාජා නොහොත් ‘මන්න කන්නා’ නමැත්තා වෙඩි තබා ඝාතනය කිරීම සඳහා වෙඩික්කරු යතුරුපැදියෙන් රැගෙන ආ අපරාධ කල්ලි සාමාජිකයා කොළඹ අපරාධ කොට්ඨාසය මඟින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

අපරාධය සිදුව මාස පහකට පසු සැකකරු අත්අඩංගුවට ගැනීමට හැකි වූ බවයි කොළඹ අපරාධ කොට්ඨාසය සඳහන් කළේ.

නාවුර් මිරාන් මිලාන් නොහොත් ‘සුදු’ නැමැති මෙම සැකකරු අත්අඩංගුවට ගත අවස්ථාවේ සන්තකයේ තිබී හොරයින් මත්කුඩු ගෑම් 02 මිලිගෑම් 932ක් ද සොයා ගැනීමට හැකිව තිබෙනවා.

වෙඩික්කරු කැඳවාගෙන ආ යතුරුපැදිය ද පොලිස් භාරයට ගැනීමට ද පොලිසියට හැකි වූ බවයි වාර්තා වුණේ.

බුද්ධි නිලධාරීන්ට ලද තොරතුරකට අනුව පොලිස් කණ්ඩායමක් ග්‍රෑන්ඩ්පාස් බබාපුල්ලේ පාලම අසල සිදුකළ වැටලීමකදී යතුරුපැදියකින් ගමන් කරමින් සිටිය දී මෙම සැකකරු අත්අඩංගුවට ගත් බවයි පොලිසිය සඳහන් කළේ.

සැකකරුගෙන් කරන ලද දීර්ඝ ප්‍රශ්න කිරීමේ දී සංවිධානාත්මක අපරාධකරුවකු හා මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවකු වන ඉන්දියාවේ දී අත්අඩංගුවට පත්ව සිරගතව සිටින ‘පලනි රිමෝශන්’ නැමැත්තාගේ කොන්ත්‍රාත්තුවක් මත වෙඩික්කරු රැගෙන පැමිණි බවත් ඔහු නොහඳුනන බවත් පවසා තිබෙනවා.

අත්අඩංගුවට ගත් සැකකරු මාලිගාකන්ද අධිකරණය වෙත ඉදිරිපත් කර දින 07ක රැඳවුම් නියෝග ලබාගෙන තව දුරටත් ප්‍රශ්න කිරීමට නියමිත බවයි පොලිසිය සඳහන් කළේ.

2022 වසරේ නොවැම්බර් මස 19 වන දින ග්‍රෑන්ඩ්පාස්, නවගම්පුර දී සිදුකළ වෙඩි තැබීමකින් මන්න කන්නාගේ හිසට බරපතළ තුවාල සිදුවුණා.