29 C
Colombo
Sunday, February 23, 2025

― political ―

ජාතික ජන බලවේගයේ පක්ෂ නායකයින් අද මැතිවරණ කොමිසම හමුවට

ජාතික ජන බලවේගයේ පක්ෂ ලේකම් වෛද්‍ය නිහාල් අබේසිංහ මහතා ඇතුළු පක්ෂ නායකයින් පිරිසක් අද (19) මැතිවරණ කොමිසම හමුවීමට නියමිතය. පළාත් පාලන මැතිවරණ පැවැත්වීමේ සුදානම...
HomeHot Newsමිතුරාගේ ඝාතනය කර රට පනින්න ගිය පාපතර මිතුරා කොටුවෙයි

මිතුරාගේ ඝාතනය කර රට පනින්න ගිය පාපතර මිතුරා කොටුවෙයි

අම්බලන්ගොඩ හිරේවත්ත ප්‍රදේශයේදී එකට කා බී මිතුරාට පිහියෙන් ඇන ඝාතනය කළ බව කියන අයෙකු දෙදිනක් සැහවී සිට විදෙස්ගත වීම සඳහා පැමිණි අවස්ථාවේ කටුනායක ගුවන් තොටුපොලේදී අත්අඩංගුවට ගත් බව අම්බලන්ගොඩ පොලීසිය කියයි.

සැකකරු පිළිබදව කටුනායක ගුවන් තොටුපොළ පාලකවරයාට මේ සම්බන්ධයෙන් තොරතුරු ලබා දීම නිසා සැකකරුට රටින් පලා යාමට නොහැකිව අත්අඩංගුවට ගෙන ඇත.

සැකකරු අතින් ඝාතනයට ලක් වූයේ ඔහුගේම මිතුරකු වන අම්බලන්ගොඩ හිරේවත්ත පදිංචි ආර්.ජේ.රොෂාන් කුමාර නමැති හතලිස් දෙහැවිරිදි තිදරු පියෙකි.

අම්බලන්ගොඩ ධර්මාශෝක හා දේවානන් විදුහල් අතර පැවති වාර්ෂික එක් දින කිකට් තරගය නැරඹීමට ගොස් එකට මත් පානය කරමින් සිටියදී ඇතිවූ කතා බහක් දුරදිග යාමෙන් මේ ඝාතනය සිදුවී ඇති බවද පොලීසිය කියයි.