28.4 C
Colombo
Sunday, July 20, 2025

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ. කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeHot Newsවැලි කැණීම් බලපත්‍ර ගැන දැනුම්දීමක්

වැලි කැණීම් බලපත්‍ර ගැන දැනුම්දීමක්

මින් ඉදිරියට වැලි කැණීම් බලපත්‍ර ලබා දෙන්නේ අදාළ කැණීම් සිදුකෙරෙන ප්‍රදේශයේ ජනතාවට පමණක් බව, භූ විද්‍යා සමීක්ෂණ හා පතල් කාර්යාංශය පවසයි.

කැණීම් කටයුතු සීමිත පිරිසක් අතර ක්‍රියාත්මක වන මාෆියාවක් බවට පත්ව ඇති බවයි එහි වැඩබලන අධ්‍යක්ෂ ජනරාල් ජානක අජිත් ප්‍රේම් මහතා සඳහන් කළේ.

වැඩිදුරටත් අදහස් දක්වමින් ඔහු කියා සිටියේ එම ප්‍රදේශවල දුගී ජනතාවගේ ආර්ථික ශක්තිය වර්ධනය කිරීමේ පරමාර්ථයෙන් මෙම ක්‍රියාමාර්ගය ගන්නා බවත් එසේම අනෙකුත් පාර්ශ්වයන්ගෙන් සිදුවන පරිසර හානිය ද වළකාලීමේ අරමුණින් ද මෙම පියවර ගන්නා බවයි.

එසේම මේ සඳහා අදාළ ප්‍රදේශවල ජනතාව සහභාගී කරවාගෙන ක්‍රියා කිරීමට අපේක්ෂා කරන බවත්,මෙම වැලි කැණීම්වලදී වැලි කියුබ් 01කින් රාජ්‍ය භාගය ලෙස රුපියල් 600ක් පමණක් අය කරන බවත් ඔහු පැවසීය.