පවතින වැසි සහිත තත්ත්වය හමුවේ වැසි ජලය උපයෝගි කරගමින් බිම් සැකසිම් ආරම්භ කරන්නැයි වාරිමාර්ග දෙපාර්තමේන්තුව ගොවීන්ට දැනුම් දෙයි.
මේ වන විට බොහෝ වාරි ජලාශවල ජල මට්ටම සියයට 64 ක මට්ටමේ පවතින බවයි වාරිමාර්ග දෙපාර්තමේන්තුවේ ජල කළමනාකරණ අධ්යක්ෂ ඉංජිනේරු සුදර්ශනී විදානපතිරණ මහත්මිය සඳහන් කළේ.