28.4 C
Colombo
Thursday, September 11, 2025

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsPoliticalශ්‍රීලනිපයේ ඇතුළේ ප්‍රශ්න තව ටික දවසකින් අවසන් – මෛත්‍රී

ශ්‍රීලනිපයේ ඇතුළේ ප්‍රශ්න තව ටික දවසකින් අවසන් – මෛත්‍රී

ශ්‍රී නිදහස් පක්ෂයේ අභ්‍යනතර ගැටලු සියල්ල ඉතා කෙටි කාලයකින් නිමාවට පත්වන බව එම පක්ෂ නායක හිටපු ජනපති මෛත්‍රීපාල සිරිසේන පවසනවා.

හිටපු ජනාධිපතිවරයා මේ බව සඳහන් කළේ මහනුවර දී අද (30) මල්වතු අස්ගිරි නාහිමිවරුන් බැහැ දැකීමෙන් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමින් මේ බව සඳහන් කළා.

සෑම දේශපාලන පක්ෂයකම අභ්‍යන්තර ගැටලු පැවතීම සාමාන්‍ය දෙයක් බවයි ඔහු එහිදී සඳහන් කර සිටියේ.

“මේ රටේ ප්‍රධානතම පක්ෂයක් වූ එක්සත් ජාතික පක්ෂය කෑලි කෑලිවලට කැඩිලා එක මන්ත්‍රී කෙනෙක් වත් නැති වෙලා යන තරමට ප්‍රශ්න ඇති වුණා. එහෙත් අද ඒ පක්ෂයේ නායක රනිල් වික්‍රමසිංහ මහතා රටේ ජනාධිපති වෙලා ඉන්නවා.එහෙම තමයි දේශපාලනේ කියන්නේ, ඕනෑම පවුලක පවා අඩදබර තියෙනවා.මේවා සාමාන්‍ය දේවල් මෙවර අපේ මැයි දිනය පවත්වන්නේ මහනුවර, අපේ පක්ෂයේ සියලු දෙනාටම සහභාගි වෙන්න කියලා අපි විවෘත ආරාධනාවක් කරලා තියෙනවා. මේ වෙනවිට අපි අපේ පක්ෂයේ සංවිධාන කටයුතු ඉතා හොඳින් කරමින් පවතිනවා.”