25 C
Colombo
Thursday, March 19, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeHot Newsශ්‍රී ලාංකිකයින් 18 දෙනෙක් සුඩානයෙන් ඉවත්වීම ප්‍රතික්ෂේප කරයි

ශ්‍රී ලාංකිකයින් 18 දෙනෙක් සුඩානයෙන් ඉවත්වීම ප්‍රතික්ෂේප කරයි

සුඩානයේ සිටින ශ්‍රී ලාංකිකයින් 18දෙනෙකු එරටින් ඉවත් වීම ප්‍රතික්ෂේප කර ඇති බව විදේශ කටයුතු අමාත්‍යංශය පවසයි.

ඔවුන්ගේ රැකියා අහිමි වනු ඇති බව පවසමින් එම පිරිස තවදුරටත් සුඩානයේ රැඳී සිටිමට කැමැත්ත පළ කළ බවයි විදේශ කටයුතු අමාත්‍ය නීතිඥ අලි සබ්රි මහතා සඳහන් කළේ.

මේ වන විට කැමැත්ත පළ කළ ශ්‍රී ලාංකිකයින් 34 දෙනෙකු ඉවත් කර ගැනීම සඳහා විදේශ කටයුතු අමාත්‍යංශය කටයුතු කර තිබේ.

ඉන් 14 දෙනෙකු දිවයිනට පැමිණ ඇති අතර තවත් 6 දෙනෙකු සෞදි ආරාබියාවේ ජෙඩා වෙත ළඟා වී ඇති බව විදේශ කටයුතු අමාත්‍ය අලි සබ්රි මහතා සඳහන් කළේය.