29.5 C
Colombo
Sunday, July 20, 2025

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ. කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsPoliticalඅපි නැතුව කාටවත් රජයක් පිහිටුවන්න බැහැ - මෛත්‍රී

අපි නැතුව කාටවත් රජයක් පිහිටුවන්න බැහැ – මෛත්‍රී

නිවහල් වෙමු සවිමත් වෙමු මැයෙන් අද (01) මහනුවර මධ්‍යම වෙළෙඳ පොළ ඉදිරිපිට දී පැවැති ශ්‍රීලනිප මැයි දින රැලියේ දී අදහස් දක්වමින් මෛත්‍රිපාල සිරිසේන ප්‍රකාශ කළේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සහාය නොමැතිව මින් ඉදිරියට කිසිදු ජගතෙකුට රජයක් ස්ථාපිත කිරීමට නොහැකි බවයි.

මේ රටේ ජනතාව පවා නොදන්නා පක්ෂයක් සමඟ පසුගිය පළාත් පාලන මැතිවරණයේ දී ශ්‍රී ලංකා නිදහස් පක්ෂය සන්ධාන ගතව එම පක්ෂයේ ලකුණින් තරඟ කරන්නට ගිය බවත් දෙවියන් බැලුවාක් මෙන් මැතිවරණය කල්ගිය නිසා පක්ෂයත් රටත් බේරුණු බවත් ඔහු පැවසුවා.

රතු සහෝදරයෝ කොයිතරම් කයිවාරු ගැහුවත් ඒ අයටත් මීට පස්සෙ බලයට එන්න නම් අපේ සහයෝගය අත්‍යවශ්‍ය වෙනවා යනුවෙන් ද ඔහු වැඩිදුරටත් පැවසුවා.