25 C
Colombo
Thursday, February 19, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeHot Newsකේරළ ගංජා තොගයක් සමඟ යුධ - නාවික සෙබළු දෙදෙනෙක් කොටුවෙයි

කේරළ ගංජා තොගයක් සමඟ යුධ – නාවික සෙබළු දෙදෙනෙක් කොටුවෙයි

කොළඹ නගරයේ අලෙවි කිරීමට ගෙන එමින් සිටි කේරළ ගංජා සමග ආරක්ෂක අංශ නිලධාරීන් දෙදෙනෙකු සහ තවත් සිවිල් අයෙක් පොලිස් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

මෙලෙස අත්අඩංගුවට ගත් සැකකරුවන් අතර යුද හමුදා සෙබලෙක්, නාවික හමුදා සෙබලෙක් ද සිටින බවයි වාර්තා වන්නේ

පූනෑව පොලිසිය විසින් මෙම සැකකරුවන් අත්අඩංගුවට ගන්නා අවස්ථාවේ දි ඔවුන් සතුව කේරළ ගංජා කිලෝග්‍රෑම් 10ක් තිබි පොලිස් භාරයට ගෙන තිබෙනවා.

මෙම මත්ද්‍රව්‍ය තොගයේ වටිනාකම රුපියල් ලක්ෂ 30 කට ආසන්න බවයි මූලික පොලිස් විමර්ශන වල දී හෙළිව ඇත්තේ.

සිද්ධිය සම්බන්ධයෙන් පූනෑව පොලිස් විමර්ශන ක්‍රියාත්මකයි.