29.5 C
Colombo
Friday, July 18, 2025

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ. කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeHot Newsදෙදරු පියාට දිවි අහිමි කළ ක්‍රිකට් තරගයේ ආරවුල

දෙදරු පියාට දිවි අහිමි කළ ක්‍රිකට් තරගයේ ආරවුල

නොරොච්චෝලේ, නිර්මලපුර ප්‍රදේශයේ දී ඊයේ (30) රාත්‍රියේ තියුණු ආයුධයකින් පහර දී පුද්ගලයෙකු ඝාතනය කර තිබෙනවා.

මෙලෙස ඝාතනයට ලක්ව ඇත්තේ වයස අවුරුදු 32ක දෙදරු පියෙක් බවයි වාර්තා වන්නේ.

ඊයේ (30) උදෑසන පැවති ක්‍රිකට් තරගයක් අතර තුර ඇති වූ බහින් බස්වීමක් දුරදිග යාමෙන් ඊයේ රාත්‍රියේ මෙම අපරාධය සිදුකර ඇති බවයි පොලිසිය සඳහන් කළේ.

අපරාධයට සම්බන්ධ සැකකරුවන් සිව්දෙනෙක් අතරින් දෙදෙනෙකු නොරොච්චෝලේ පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.