30 C
Colombo
Sunday, December 21, 2025

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeHot Newsනීති විරෝධීව ගෙන ආ බීඩි කොළ තොගයක් සමඟ දෙදෙනෙක් අල්ලයි

නීති විරෝධීව ගෙන ආ බීඩි කොළ තොගයක් සමඟ දෙදෙනෙක් අල්ලයි

ඉන්දියාවේ සිට මුහුදු මාර්ගය ඔස්සේ මෙරටට ගෙන එමින් තිබූ බීඩි කොළ කිලෝ ග්‍රෑම් 550 ක් සමඟ සැකකරුවන් දෙදෙනෙකුව කල්පිටිය නාවුක හමුදා කදවුරේ නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

අද (01) දින අළුයම කල්පිටිය – පරාමුනේ දූපත ආසන්නයේදී මෙම අත්අඩංගුවට ගැනීම සිදු කර තිබෙනව බවයි වාර්තා වන්නේ.

කල්පිටිය නාවුක හමුදා කදවුරේ නිලධාරීන් විසින් කල්පිටිය කලපුවේ යත්‍රා කරමින් තිබූ ඩිංගි බෝට්ටුවක් නවත්වා පරීක්ෂා කිරීමේ දී එම යාත්‍රාවේ තිබී බීඩි කොළ අසුරන ලද උර 15 ක් සොයා ගෙන තිබෙන අතර එම බීඩි කොළ තොගය තම බාරයට ගෙන ඇති නාවුක හමුදා නිලධාරීන්ට කලපුවේ පා වෙමින් තිබූ තවත් බීඩි කොළ ඇසිරූ උර දෙකක් හමුවී තිබෙනවා.

බීඩි කොළ තොගය සමඟ ධීවරයින් දෙදෙනෙකුවද අත්අඩංගුවට ගෙන ඇති අතර ඔවුන් කල්පිටිය – ආනවාසල පදිංචි වයස අවුරුදු 23 ක් සහ 17 ක් වන ධීවරයින් දෙදෙනෙකු බව වැටලීම කළ නිලධාරීන් පවසනවා.

සිද්ධිය සම්බන්ධයෙන් කල්පිටිය නාවුක හමුදා කදවුරේ නිලධාරීන් වැඩිදුර විමර්ශණ කටයුතු සිදු කරයි.