27.8 C
Colombo
Thursday, July 17, 2025

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ. කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeHot Newsපෙට්‍රල් මිල අඩුකළත් ත්‍රිරෝද රථ ගාස්තුවලත් වෙනසක් නැහැ

පෙට්‍රල් මිල අඩුකළත් ත්‍රිරෝද රථ ගාස්තුවලත් වෙනසක් නැහැ

ඉන්ධන මිල ගණන් පහත දැමීමට රජය තීරණය කළ ද ත්‍රිරෝද රථ ගාස්තුවේ කිසිඳු වෙනසක් සිදු නොකරන බව සමස්ත ලංකා ත්‍රීරෝද රථ රියදුරන්ගේ වෘත්තීය සමිතිය සඳහන් කරනවා.

එහි සභාපති ලලිත් ධර්මසේනගේ අප කළ විමසීමක දී ඔහු සඳහන් කර සිටියේ පෙට්‍රල් මිල රුපියල් 7.00කින් වැනි මුදලකින් පහත දැමීමක් කළ ද එම අඩුවීම ත්‍රිරෝද රථ ගාස්තුවේ සංශෝධනයක් කිරීමට ප්‍රමාණවත් නොවන බවයි.

රුපියල් 7.00කින් පෙට්‍රල් මිල අඩු නොකළාට ගැටළුවක් නොමැති බවත්, කුලී ත්‍රීරෝද රථ රියදුරන්ට අවශ්‍ය පෙට්‍රල් ප්‍රමාණය ලබාදෙන ලෙස ඔහු සඳහන් කර සිටියා.

රජය විසින් ඊයේ (30) මධ්‍යම රාත්‍රියේ සිට ඔක්ටේන් 92 පෙට්‍රල් ලීටරයක් රුපියල් 7.00 කින් සහ ඔක්ටේන් 95 පෙට්‍රල් ලීටරයක් රුපියල් 10.00 කින් අඩු කළා.