27.2 C
Colombo
Saturday, July 19, 2025

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ. කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeHot Newsබිරිඳ නසන්න බලහත්කාරයෙන් ඉන්සියුලින් විද්ද දොස්තර සැමියා අත්අඩංගුවට

බිරිඳ නසන්න බලහත්කාරයෙන් ඉන්සියුලින් විද්ද දොස්තර සැමියා අත්අඩංගුවට

ඉන්සියුලින් එන්නත අධි මාත්‍රාවක් බලහත්කාරයෙන් සිය බිරිඳට විද ඇයව ඝාතනය කිරීමට උත්සාහ කළ බව කියන වෛද්‍යවරයෙක් සැකපිට බම්බලපිටිය පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

අධිමාත්‍රාවක් ඉන්සියුලින් විදීම හේතුවෙන් අසාධ්‍ය තත්ත්වයෙන් යුතුව අදාළ කාන්තාව මේ වනවිට කළුබෝවිල රෝහලේ දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබමින් සිටින බවයි වාර්තා වන්නේ.

මෙම යුවළට දරුවන් නොමැති වීම හේතුවෙන් දෙදෙනා අතර නිතර ආරවුල් ඇති කරගෙන ඇති බවයි අනාවරණය වී ඇත්තේ.

ඒ, අනුව බිරිඳ ඝාතනය කිරීමේ අරමුණින් සැකකාර වෛද්‍යවරයා ඇයට මෙලෙස එන්නත් විද ඇති බව මූලික විමර්ශනවලින් පෙනී ගොස් ඇති බවයි පොලිසිය සඳහන් කළේ.

ඉන්සියුලින් එන්නත අධි මාත්‍රාවෙන් ශරීරගතවීම හේතුවෙන් සිහිසුන් වූ බිරිඳ පසුව රෝහල් ගතකර ඇති බවයි පසුව අනාවරණය වී ඇත්තේ.