31.1 C
Colombo
Thursday, August 28, 2025

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeHot Newsමෝටර් රථයකින් චෛත්‍යක් රැගෙන යමින් සිටි 4ක් අත්අඩංගුවට

මෝටර් රථයකින් චෛත්‍යක් රැගෙන යමින් සිටි 4ක් අත්අඩංගුවට

පුරාවිද්‍යාත්මක වටිනාකමකින් යුත් ගලින් නිමකරන ලද මැණික් එබ්බ වූ චෛත්‍යක් රැගෙන මෝටර් රථයකින් ගමන් කරමින් සිටි පුද්ගලයින් හතර දෙනෙක් මාතර, නාවිමන ප්‍රදේශයේ දී අත්අඩංගුවට ගෙන තිබෙනවා.

යුද හමුදා බුද්ධි අංශයට ලැබුණු තොරතුරක් මත මෙම සැකකරුවන් අත්අඩංගුවට ගෙන ඇති බවයි වාර්තා වුණේ.

සැකකරුවන් මාතර මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසුව ලබන 08 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙස නියෝග කර තිබෙනවා.

පුරාවිද්‍යාත්මක වටිනාකමකින් මෙම චෛත්‍යය අලෙවි කිරීම සඳහා ගෙන යමින් සිටියදී මෙලෙස අත්අඩංගුවට පත් වූ බවයි පොලීසිය සඳහන් කළේ.

පොලීසිය විශ්වාස කරන්නේ මෙය නිධානයකින් ගොඩගත් එකක් බවටයි.