යාල රක්ෂිතයේ නීති විරෝධීව වගා කර තිබූ අක්කර දෙකහමාරක පමණ ගංජා හේනක්,ඩ්‍රෝන කැමරා තාක්ෂණය උපයෝගී කරගෙන විශේෂ කාර්ය බලකාය විසින් ඉතා සූක්ෂම ලෙස වටලා සැකකරුවන් හතර දෙනෙක් සමග ගිනි අවියක් සහ ජංගම දුරකථන හතරක් ඊයේ (30) අත්අඩංගුවට ගෙන ඇත.
එම සැකකරුවන් හතර දෙනා තණමල්විල ප්‍රදේශයේ පදිංචිකරුවෝ වෙති.
වැඩිදුර පරීක්ෂණ කටයුතු සඳහා මෙම සැකකරුවන් කතරගම පොලිසිය වෙත භාරදී ඇත.