26.7 C
Colombo
Monday, July 21, 2025

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ. කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeHot Newsරුපියල් 75,000 ක මුදලක් කොල්ල කා පුද්ගලයෙක් පලා යයි

රුපියල් 75,000 ක මුදලක් කොල්ල කා පුද්ගලයෙක් පලා යයි

  • Tags:
  • ~

උල් පිහියක් රැගෙන මහවිල මිරිස්වත්ත නිවසකට කඩා වැදී නිවෙස් හිමි කාන්තාවගේ ගෙලට පිහියක් තබා රුපියල් 75,000 ක මුදලක් කොල්ල කා පලාගිය ” ඇඟිල්ලා ” අත්අඩංගුවට ගැනීම සඳහා පරීක්ෂණ පවත්වන බව අලුබෝමුල්ල පොලිසිය පවසනවා.

නිවසේ ප්‍රධාන දොරටුව අභියස පුද්ගලයකු සිට දැක දොර විවෘත කර පරික්ෂා කිරීමේදී දීර්ඝ කාලයක සිට දන්නා හඳුනන පුද්ගලයකු වන දිනේෂ් මංජු හේමසිරි හෙවත් ඇඟිල්ලා යන පුද්ගලයා සිට ඇති අතර ඒ සමගම ඔහු නිවෙස තුළට කඩා වැදී නිවෙසි කාන්තාවගේ ගෙලට පිහිය තබා මුදල් ලබා දෙන ලෙස මරණීය තර්ජනය කර තිබූ බව පොලිසිය පවසනවා.

බිය වු නිවෙස් හිමි කාන්තාව කොල්ලකරු සමග නිවස තුලට ගොස් අල්මාරියේ තබා තිබූ රුපියල් 75000 කොල්ල කරු අතට ලබාදීමෙන් අනතුරුව පලාගොස් තිබූ බව පොලිස් විමර්ශන වලදී අනාවරණය වී තිබෙනවා.

අදාල අපරාධයට අදාළව සැකකරු අත්අඩංගුවට ගැනීම සඳහා පරීක්ෂණ පවත්වන අතර අලුබෝමුල්ල පොලිසිය වැඩිදුර පරීක්ෂණ සිදුකරයි.