― political ―

වතුකරයේ ජනතාවගෙන් රනිල්ට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් – ජීවන්

මෙවර ජනාධිපතිවරණයේදී රනිල් වික්‍රමසිංහට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් ලබාදීමට වතුකරයේ ජනතාව සූදානම් බව ලංකා කම්කරු කොංග්‍රසයේ මහ ලේකම් සහ අමාත්‍ය ජීවන් තොණ්ඩමන් පවසනවා. 2024 ජනාධිපතිවරණයේ මැතිවරණ...

HomeHot Newsවිදෙස් ශ්‍රමිකයින්ට ලැබෙන විශේෂ තීරු බදු සහනය අද සිට

විදෙස් ශ්‍රමිකයින්ට ලැබෙන විශේෂ තීරු බදු සහනය අද සිට

විදෙස් ශ්‍රමිකයින්ට ගුවන්තොටුපොළේ දී ලබාදෙන තීරු බදු සහනය ඉහළ දැමීම අද (01) දිනයේ සිට ක්‍රියාත්මක කෙරෙනවා.

ඒ, අනුව තමන් මෙරටට එවූ මුදල් ප්‍රමාණය මත අතිරේක තීරු බදු සහන ලබාගැනීමේ හැකියාවක් පවතිනවා.

කාණ්ඩ 05ක් යටතේ මෙම සහනය ක්‍රියාත්මක වනවා.

ඒ, අනුව ඇමරිකානු ඩොලර් 2,400ත් 4,799ත් අතර මුදලක් එවා ඇති ශ්‍රමිකයින්ට ඇමරිකානු ඩොලර් 600ක අතිරේක තීරු බදු සහනයක් හිමිවන අතර, ඩොලර් 4,800ත් 7,199ත් අතර මුදල් එවා ඇති ශ්‍රමිකයින්ට ඇමරිකානු ඩොලර් 960ක අතිරේක තීරු බදු සහනයක් ලැබෙනු ඇති.

එමෙන්ම ඩොලර් 7,200ත් ඩොලර් 11,999ත් අතර මුදලක් එවා ඇති ශ්‍රමිකයින් වෙනුවෙන් ඇමරිකානු ඩොලර් 1,440ක අතිරේක තීරු බදු සහනයක් හිමිවනවා.

ඇමරිකානු ඩොලර් 12,000ත් ඩොලර් 23,999ත් අතර මුදල් ප්‍රමාණයක් එවා ඇති ශ්‍රමිකයින්ට ඩොලර් 2,400ක අතිරේක තීරු බදු සහනයක් ලැබෙන අතර, ඩොලර් 24,000ක් හෝ ඊට වඩා වැඩි මුදලක් එවා ඇති ශ්‍රමිකයින්ට ඇමරිකානු ඩොලර් 4,800ක අතිරේක තීරු බදු සහනයක් හිමිවන බව සඳහන්.

වසරක කාලයක් තුළදී අදාළ මුදල් මෙරටට එවා ඇති ඕනෑම අයෙක්ට මෙම සහනය ලබාගැනීමේ හැකියාව පවතිනවා.

මේ අතර විදේශගත ශ්‍රමිකයින් මෙරටට එවා ඇති විදේශ විනිමය වශයෙන් බැංකුවල පවතින මුදල් සඳහා කිසිදු බදු මුදලක් අය නොකරන බව කම්කරු සහ විදේශ රැකියා අමාත්‍යංශය සඳහන් කරනවා.