22.8 C
Colombo
Tuesday, February 10, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeHot Newsහරියට ඡන්ද තිබ්බේ නැත්නම් ශ්‍රී ලංකාවේ මතුවූ තත්ත්වයට සමාන තත්ත්වයක් උද්ගත වෙයි...

හරියට ඡන්ද තිබ්බේ නැත්නම් ශ්‍රී ලංකාවේ මතුවූ තත්ත්වයට සමාන තත්ත්වයක් උද්ගත වෙයි – ඉම්රාන් ඛාන්

රටේ බලය හොබවන පුද්ගලයින් නිසි කලට නිසිලෙස ඡන්ද නොපැවැත්වුවහොත් ශ්‍රී ලංකාවේ මතුවූ තත්ත්වයට සමාන තත්ත්වයක් උද්ගත වනු ඇතැයි පකිස්ථානයේ හිටපු අග්‍රාමාත්‍ය ඉම්රාන් ඛාන් පවසයි.

තම රටේ නිසිකලට ඡන්දයත් පැවැත්වෙනු ඇතැයි මහත් විශ්වාසයෙන් සිටි බව පකිස්ථානයේ හිටපු අග්‍රාමාත්‍ය ඉම්රාන් ඛාන් පවසයි.

ජනතාවගේ ඡන්ද අයිතිය අවහිර කළහොත් ඔවුන් වීදි බැස ප්‍රචණ්ඩකාරීව හැසිරෙන අවස්ථාවන්වලදී කිසිවෙකුටත් ජන බලය පාලනය කරගත නොහැකි වනු ඇති බවයි ඔහු වැඩිදුරටත් ප්‍රකාශ කරන්නේ,.

පාකිස්තානයේ බලයේ සිටින ආණ්ඩුව ඡන්ද නොපවත්වන්නේ ඔවුන් ඡන්දයෙන් පරාජයට පත්වී බලය ගිලිහෙන නිසා බව ද ඉම්රාන් ඛාන් පෙන්වා දෙයි.

ඡන්දය ප්‍රමාද කළහොත් රටේ පවතින ආර්ථික අර්බුදය තවත් බරපතළ විය හැකි බව ඉම්රාන් ඛාන්ගේ අදහසයි.