26.7 C
Colombo
Monday, July 21, 2025

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ. කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeHot News11 හැවිරිදි දැරියක් සමඟ විවාහ වී පවුල් කෑ 40 හැවිරිදි අයෙක් අත්අඩංගුවට

11 හැවිරිදි දැරියක් සමඟ විවාහ වී පවුල් කෑ 40 හැවිරිදි අයෙක් අත්අඩංගුවට

11 හැවිරිදි බාල වයස්කාර දැරියක් විවාහ කර ගැනීම සම්බන්ධයෙන් 40 හැවිරිදි පුද්ගලයෙකු ඉන්දියාවේ බිහාර් ප්‍රාන්තයේ සිවාන් ප්‍රදේශයේ දී අත්අඩංගුවට ගත් බව එරට පොලිසිය සඳහන් කරනවා.

දැරියගේ මව විසින් සිදුකළ පැමිණිල්ලකට අනුව මහේන්ද්‍ර පාණ්ඩේ නැමැති පුද්ගලයෙක් මෙලෙස අත්අඩංගුවට ගෙන ඇති අතර, බාලවයස්කාර දැරිය වෛද්‍ය පරීක්‍ෂණය සඳහා යොමුකර ඇති බවයි වාර්තා වන්නේ.

බාලවයස්කාර දැරියගේ මව චෝදනා කළේ විත්තිකාර මහේන්ද්‍ර පාණ්ඩේගෙන් තමන් ලබාගත් ණය මුදලක් නොගෙවීම හේතුවෙන් තම දියණිය බලහත්කාරයෙන් විවාහ කරදුන් බවයි.

කෙසේ වෙතත්, මහේන්ද්‍ර පාණ්ඩේ එම චෝදනා ප්‍රතික්ෂේප කර ඇති අතර, එය දැරියගේ මව තමාගෙන් මුදල් ලබාගැනීම සඳහා අටවා ඇති උගුලක් බවයි පොලිසියට සඳහන් කර ඇත්තේ.

“මම කසාද බැන්දේ ගෑනු ළමයගෙයි අම්මගෙයි කැමැත්තෙන්. දැන් ගෑනු ළමයගෙ අම්මා මාව බ්ලැක්මේල් කරනවා. සල්ලි ඉල්ලන්න පටන් ගත්තා. අපි අතරේ කිසිම ආකාරයක මුදල් ගනුදෙනුවක් තිබ්බේ නෑ, මම කොටු වෙලා.” යනුවෙන් චෝදනාව එල්ල වී සිටින මහේන්ද්‍ර පාණ්ඩේ පොලිසියට පවසා තිබෙනවා.

කෙසේ වෙතත් මෙම සිදුවීම සම්බන්ධයෙන් බාල වයස්කාර දැරියගෙන් පොලිසිය සිදුකළ ප්‍රශ්න කිරීම්වලදී ය පවසා ඇත්තේ,
තම මව, මහේන්ද්‍ර පාණ්ඩේව බොරු චෝදනාවකට පටලවා ඇති බවයි.

“අපි දෙන්නම කසාද බැන්දේ අම්මගේ කැමැත්තෙන්, අපි දෙන්නට එකට ඉන්න ඕන, කලින් අම්මා හැමදේම කරලා දුන්නා. දැන් අපි දෙන්නවම කොටු කරනවා” යනුවෙන් දැරිය පොලිසිය හමුවේ වැඩිදුරටත් පවසා තිබෙනවා.

කෙසේ වෙතත් ලිංගික අපරාධවලින් ළමුන් ආරක්ෂා කිරීමේ පනත යටතේ මහේන්ද්‍ර පාණ්ඩේ මේ වනවිය අත්අඩංගුවේ පසුවන බවයි ඉන්දීය මාධ්‍ය වාර්තා කළේ.