27 C
Colombo
Thursday, July 17, 2025

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ. කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeHot News135කින් ඩීසල් අඩු කළාට බස් ගාස්තු නම් අඩු කරන්නේ නෑ – පෞද්ගලික...

135කින් ඩීසල් අඩු කළාට බස් ගාස්තු නම් අඩු කරන්නේ නෑ – පෞද්ගලික බස් සංගම්

ඉන්ධන මිල අඩු කිරීමට රජය විසින් ඊයේ (30) ගත් තීරණ කළ ද බස් ගාස්තුවේ අඩුවීමක් සිදුනොවන බව සමස්ත ලංකා පෞද්ගලික බස් සමාගම් සම්මේලනයේ සභාපති අංජන ප්‍රියන්ජිත් පවසනවා.

අද (01) පෙරවරුවේ මාධ්‍ය හමුවක් පවත්වමින් ඔහු මේ බව සඳහන් කළා.

සුඛෝපභෝගී වාහන සඳහා භාවිත කරන සුපර් ඩීසල් රුපියල් 135ක මුදලකින් අඩු කළ ද, සාමාන්‍ය මගී ජනයාට ගමන් පහසුවන් සලසන බස්රථ සඳහා භාවිත කරන ඩීසල් අඩුකර ඇත්තේ රුපියල් 15කින් පමණක් බවත් ඔහු මෙහිදී චෝදනා කර සිටියා.

කම්කරු දිනය සමරන අද දිනයේ මහජනතාවට V8 පන්නයේ සහනාධාරයක් ලබා දී ඇති බව සඳහන් කළ සභාපතිවරයා බස්රථ සඳහා භාවිත කරන සුදු ඩීසල් මිල රුපියල් 135 කින් අඩුකළ හොත් පමණක් බස් ගාස්තු ද සීයට 50කින් පමණ අඩුකළ හැකි බවත් ඔහු පැවසුවා.

ඩීසල් ලීටරයක් රුපියල් 15.00කින් අඩු කිරීමක් සිදුකර බස් ගාස්තු අඩුකිරීමක් රජය විසින් බලාපොරොත්තු වන්නේ නම් එය කිසිසේත්ම සිදුනොවන බවයි ඔහු වැඩිදුරටත් සඳහන් කර සිටියේ.