― political ―

වතුකරයේ ජනතාවගෙන් රනිල්ට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් – ජීවන්

මෙවර ජනාධිපතිවරණයේදී රනිල් වික්‍රමසිංහට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් ලබාදීමට වතුකරයේ ජනතාව සූදානම් බව ලංකා කම්කරු කොංග්‍රසයේ මහ ලේකම් සහ අමාත්‍ය ජීවන් තොණ්ඩමන් පවසනවා. 2024 ජනාධිපතිවරණයේ මැතිවරණ...

HomeNewsඅනුරාධපුර රෝහලේ ඝා+තනයට අඹුසැමි යුවළක් අල්ලයි

අනුරාධපුර රෝහලේ ඝා+තනයට අඹුසැමි යුවළක් අල්ලයි

අනුරාධපුර ශික්ෂණ රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටියදී තරුණයකු තියුණු ආයුධයකින් පහර දී ඝාතනය කිරීමේ සිද්ධියට සැකපිට එම තරුණයාට පහරදී තුවාල සිදුකළ කාන්තාවක් සහ පිරිමි පුද්ගලයකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.

මැදවච්චිය පොලිසිය විසින් මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ මැදවච්චිය ටෙලිකොම් පාර ප්‍රදේශයේ පදිංචිව සිටි 27 හැවිරිදි පුද්ගලයකු සහ මැදවච්චිය ගොවිජන සේවා මධ්‍යස්ථාන පාරේ පදිංචි 23 හැවිරිදි කාන්තාවක්.

මොවුන් දෙදෙනා අඹුසැමියන් බවයි පොලීසිය පවසන්නේ. ප්‍රේම සම්බන්ධයක් මුල් කරගනිමින් මැදවච්චිය ප්‍රදේශයේ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් පිරිසක් අතර පසුගිය 26 වනදා ගැටුමක් හට ගෙන තිබුණා.

එහිදී මැදවච්චිය, අංක 15, මන්නාරම් පාර ලිපිනයේ පදිංචි 24 හැවිදිදි පිංචාබදු වික්‍රමසිංහගේ රුවන් ගීත් උදිත නැමති තරුණයකු බරපතල තුවාල ලබා අනුරාධපුර ශීක්ෂණ රෝහලෙහි මහාචාර්ය එකක් පිහිටි 66 වන වාට්ටුවේ ප්‍රතිකාර ලබමින් සිටියා.

පසුගිය 28 වනදා අලුයම 4:30ට පමණ එම වාට්ටුවට ඇතුළු පුද්ගලයකු තියුණු ආයුධයකින් කපා කොටා එම තරුණයා ඝාතනය කර පලාගිය බවටයි තොරතුරු වාර්තා වුණේ.

සිද්ධියට සම්බන්ධ තවත් සැකකරුවන් තිදෙනකු අත්අඩංගුවට ගැනීමට නියමිත බවත් අත්අඩංගුවට පත් අඹැසැමි යුවළ අද (02) මැදවච්චිය මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතව තිබුණා.