24.5 C
Colombo
Thursday, March 19, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsකොළඹ වරායේ 6 වන ගේට්ටුව අසළ වෙඩි තැබීමක්

කොළඹ වරායේ 6 වන ගේට්ටුව අසළ වෙඩි තැබීමක්

කොළඹ වරායේ 06 වන ගේට්ටුව ආසන්නයේදී ඊයේ (01) රාත්‍රියේ සිදුකළ වෙඩි තැබීමකින් පුද්ගලයින් 09 දෙනෙකු තුවාල ලබා තිබේ.

තුවාල ලැබූවන් කොළඹ ජාතික රෝහලට ඇතුළත් කර ඇති අතර මාර්ග සංවර්ධන වැඩබිමක සේවයේ නිරත පෞද්ගලික ආරක්ෂක නිලධාරියෙකු විසින් මෙම වෙඩිතැබීම සිදුකර ඇති බවයි අනාවරණය වී ඇත්තේ.

බ්ලූමැන්ඩල් වත්ත ප්‍රදේශයේ පදිංචි පිරිසක් මෙම වෙඩි තැබීමෙන් තුවාල ලබා ඇති අතර තුවාලකරුවන් අතර කාන්තාවන් 04 දෙනෙකුද සිටින බවට වාර්තා වෙයි.

එහිදී එක් කාන්තාවක් ප්‍රතිකාර ලබා රෝහලින් පිටව ගොස් තිබේ.

කොළඹ වරාය හරහා ඉදිකරමින් පවතින අධිවේගී මාර්ගයේ ගබඩාවක තිබූ දේපළ සොරකම් කිරීම සඳහා පැමිණි පිරිසක් එම ස්ථානයේ ආරක්ෂාවට සිටි පෞද්ගලික ආරක්ෂක නිලධාරීන්ට පහර දී ගිනි අවිය පහර ගැනීමට උත්සාහ කිරීමේ දී මෙම වෙඩි තැබීම සිදුකර ඇති බවයි පොලිසිය පැවසුවේ.