28.4 C
Colombo
Sunday, July 20, 2025

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ. කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsතෑගි අරන් දෙන්නම් කියා දරුවෙකුට හදි කරලා

තෑගි අරන් දෙන්නම් කියා දරුවෙකුට හදි කරලා

පාසල් උපකරණ ලබා දෙන බව පවසමින් දහතුන් හැවිරිදි පිරිමි දරුවෙකු රවටා අපයෝජනය කළ පුද්ගලයෙකු එගොඩඋයන පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

මෙලෙස අත්අඩංගුවට ගෙන ඇති සැකකරු වයස අවුරුදු 49ක් වන හිරණ ප්‍රදේශයේ පදිංචිකරුවෙක් බවයි පොලීසිය පවසන්නේ.

මෙම සැකකරු විසින් එගොඩඋයන දුම්රිය ස්ථානය අසළ වෙරළ තීරයට මෙම දරුවා රැගෙන ගොස් අපයෝජනය කර තිබේ.

සැකකරු අද (02) අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතයි.