30 C
Colombo
Friday, July 18, 2025

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ. කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsපොලිස් ඇමතිගෙන් පොලීසියට විශේෂ ස්තූතියක්

පොලිස් ඇමතිගෙන් පොලීසියට විශේෂ ස්තූතියක්

ඊයේ (01) ලෝක කම්කරු දිනය සැමරීම සදහා පැවැත්වූ පෙළපාලි සහ මැයි දින රැළි ඉතා සාමකාමීව පැවැත්වීමට, නීතිය හා සාමය නිසි පරිදි පවත්වාගෙන යාමට රාජකාරියෙහි නියුතු පොලිස් නිලධාරීන්ට සිය ස්තූතිය පිරිනමන බව මහජන ආරක්ෂක අමාත්‍ය ටිරාන් අලස් පවසනවා.

විශේෂ නිවේදනයක් නිකුත් කරමින් අමාත්‍යවරයා මේ බව සඳහන් කළා.

මීට අමතරව පොලිස් නිලධාරීන්ගේ රාජකාරී කටයුතුවලට බාධා නොකර සහයෝගය දැක්වීම පිළිබදව සියළුම දේශපාලන පක්ෂවලට හා සංවිධාන වලට ද සිය ස්තූතිය පිරිනමන බවයි අමාත්‍යවරයා අදාළ නිවේදනයේ වැඩිදුරටත් දක්වා ඇත්තේ.