26.7 C
Colombo
Friday, July 18, 2025

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ. කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsමගී ප්‍රවාහන බස් රථවල කැසට් යන්ත්‍රයට නව රෙගුලාසි

මගී ප්‍රවාහන බස් රථවල කැසට් යන්ත්‍රයට නව රෙගුලාසි

මගී ප්‍රවාහන බස් රථවල අධික ශබ්දයෙන් යුතුව කැසට් යන්ත්‍ර ක්‍රියාත්මක කිරීම පාලනය කිරීම සඳහා රෙගුලාසි සකස් කිරීමේ කටයුතු ආරම්භ කර ඇති බව මධ්‍යම පරිසර අධිකාරියේ වැඩ බලන අධ්‍යක්ෂ ජනරාල් ආචාර්ය සංජය රත්නායක පැවසීය.

මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුව විසින් මෙම රෙගුලාසි ක්‍රියාත්මක කරනු ලබන අතර රෙගුලාසි සකස් කිරීමට අවශ්‍ය තාක්ෂණික සහයෝගය මධ්‍යම පරිසර අධිකාරිය හා කාර්මික තාක්ෂණ ආයතනය විසින් සපයනු ලබයි.

වැඩ බලන අධ්‍යක්ෂ ජනරාල්වරයා වැඩිදුරටත් සඳහන් කළේ මෙම රෙගුලාසි සකස් කිරීමට අදාළ සාකච්ඡා වට කීපයක්ම මේ වනවිට පවත්වා තිබෙන බවත් අදාළ රෙගුලාසි මාස හයක පමණ කාලයකදී සකස් කර අවසන් කිරීමට හැකිවනු ඇති බවත්ය.

එමෙන්ම බස් රථවල අධික ශබ්දයෙන් ගීත වාදනය කිරීම නිසා මගීන් දැඩි ලෙස පීඩාවට පත්වන බවයි ඔහු පැවසුවේ.