මේ වනවිට හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂගේ මුහුණේ පරණ පිං පාට මතු වී ඇති බව පාර්ලිමේන්තු මන්ත්‍රී රෝහිත අබේගුණවර්ධන පැවසීය.
මන්ත්‍රීවරයා මේ බව ප්‍රකාශ කළේ ඊයේ (01) ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මැයි රැළියට එක්වෙමිනි.
“බලන්න බය නැතුව දැන් අර පිං පාට, රෝස පාට, මහින්ද මහත්තයාගේ. බලන්නකෝ. බලන්නකෝ ඔය. ඔය 2015ත් පොඩ්ඩක් මූණ කළු වෙලා තිබුණා. 2016 වෙනකොට පිං පාට ආවා. 2022දී පොඩ්ඩක් කළු වෙලා තිබුණා. දැන් ආපහු පරණ පින නායකයෙක් හැටියට ඔබයි අපේ නායකයා කියන එක අපි ගෞරවයෙන් මතක් කරනවා. මහින්ද ජනාධිපතිතුමනි, අද අපි මේ මැයි දිනය සමරන දවස ඔබතුමාට එක සහතිකයක් ලබා දෙනවා. ඊළඟට එන මැතිවරණය ඕනෑම මැතිවරණයක් උනත් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ ඒ මැතිවරණයත් 04 වෙනි වතාවටත් ජයග්‍රහණය කරනවා කියන පණිවිඩය ලබා දෙමින් ඔබට ජය වේවා.“