27.2 C
Colombo
Sunday, July 20, 2025

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ. කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNews"මැංගුස් සටනේදී පොලිස් නිලධාරියෙක්ට පහර දුන් කතාව බොරු"

“මැංගුස් සටනේදී පොලිස් නිලධාරියෙක්ට පහර දුන් කතාව බොරු”

කළුතර පාසල් දෙකක් අතර පැවති වාර්ෂික ක්‍රිකට් තරගයක් අවසානයේ ඇති වූ ගැටුමකදී පයාගල පොලීසියේ දූෂණ මර්දන අංශයේ ස්ථානාධිපතිවරයාට පහර දී ඇති බවට පළවන මාධ්‍ය වාර්තා අසත්‍ය බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී නිහාල් තල්දූව පවසනවා.

ගැටුම සිදුවන අවස්ථාවේ දී එම නිලධාරියා එම ස්ථානයේ රාජකාරියේ නිරතව සිට ඇති බවත් නමුත් ඔහුට පහරදීමක් සිදුව නොමැති බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා අද (02) වැඩිදුරටත් සඳහන් කළේ.

කළුතර තිස්ස ජාතික පාසල හා කළුතර මහා විද්‍යාලය අතර 13 වන වරට පැවති ‘මැංගුස් සටන’ අවසානයේ මෙම ගැටුම සිදුව ඇති අතර මෙහිදී කළුතර තිස්ස විද්‍යාලයේ ක්‍රිකට් කණ්ඩායමේ උප නායකයා ප්‍රහාරයකට ලක්ව රෝහල්ගත කළා.

ඔහු පළමුව ඊයේ (01) සවස කළුතර නාගොඩ මහ රෝහලට ඇතුළත් කර ඇති අතර එහි දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබමින් සිටි එම සිසුවා කොළඹ ජාතික රෝහල වෙත මේ වනවිට මාරුකර යවා ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා පැවසුවා. අදාළ සිසුවාගේ මව විසින් මේ සම්බන්ධයෙන් පොලිසියට පැමිණිලි කර ඇති බව ද පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා සඳහන් කර සිටියා.

මේ අතර සිසුවාට පහරදීම සිදුකළ පිරිස පිළිබඳව ද ඔහුගේ මව විසින් සිදුකළ පැමිණිල්ලේ සඳහන් කර ඇති බවයි වාර්තා වන්නේ.