― political ―

වතුකරයේ ජනතාවගෙන් රනිල්ට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් – ජීවන්

මෙවර ජනාධිපතිවරණයේදී රනිල් වික්‍රමසිංහට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් ලබාදීමට වතුකරයේ ජනතාව සූදානම් බව ලංකා කම්කරු කොංග්‍රසයේ මහ ලේකම් සහ අමාත්‍ය ජීවන් තොණ්ඩමන් පවසනවා. 2024 ජනාධිපතිවරණයේ මැතිවරණ...

HomeNewsලංකාව තුළ ආගමික නිදහසට බාධා

ලංකාව තුළ ආගමික නිදහසට බාධා

ශ්‍රී ලංකාව තුළ ආගමික නිදහසට බාධා එල්ල වී ඇති බව ජාත්‍යන්තර ආගමික නිදහස පිළිබඳ අමෙරිකානු කොමිසම පවසයි.

2023 වර්ෂයට අදාළ වාර්තාව ප්‍රකාශයට පත්කරමින් එම කොමිසම මේ බව පෙන්වා දී තිබේ.

එම මානව හිමිකම් කඩවීම් පිළිබඳව අමෙරිකානු රාජ්‍ය දෙපාර්තමේන්තුවේ අවදානය යොමුවිය යුතු බවත් ශ්‍රී ලංකාවට අමතරව ඇෆ්ගනිස්ථානය, චීනය, නයිජීරියාව, නිකරගුආව යන රටවල ද ආගමික නිදහසට බාධා එල්ල වී ඇති බවත් එම වාර්තාවේ වැඩිදුරටත් දක්වා තිබේ.

විශේෂයෙන් ශ්‍රී ලංකාවේ හින්දු සහ මුස්ලිම්වරුන්ගේ ආගමික නිදහස කඩවී ඇති බව ජාත්‍යන්තර ආගමික නිදහස පිළිබඳ අමෙරිකානු කොමිසම පවසයි.