― political ―

අලුත් දේවල් හඳුන්වා දීම වික්‍රමසිංහ පරම්පරාවේ ලක්ෂණයක් – අගමැති

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මැතිතුමා උතුරේ සිට දකුණටත්, නැගෙනහිර සිට බටහිරටත් ජනතාවගේ මූලික අවශ්‍යතා හිඟයකින් තොරව ලබාදීමට කටයුතු කළ ශ්‍රේෂ්ඨ නායකයෙක් බව අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන...
HomeNewsලංගම බස් රියැදුරන් බඳවා ගැනීමේ වෙනසක්

ලංගම බස් රියැදුරන් බඳවා ගැනීමේ වෙනසක්

ලංකා ගමනාගමන මණ්ඩලයට අයත් සියලු ඩිපෝවල පවතින රියදුරු හා කොන්දොස්තර හිඟයට විසඳුමක් ලෙස කැබිනට් පත්‍රිකාවක් වෙනස් කර යොමු කරන බව ප්‍රවාහන හා මහාමාර්ග අමාත්‍ය බන්දුල ගුණවර්ධන පැවසීය.

අමාත්‍යවරයා මේ බව ප්‍රකාශ කළේ ගම්පොළ ඩිපෝවේ සංවර්ධන සැලසුම් නිරීක්ෂණයට පැමිණි අවස්ථාවේදීය.

රියදුරන් බඳවා ගැනීමේදී අදාළ අධ්‍යාපන සුදුසුකම් අඩුකර බඳවා ගැනීමට හැකිවන ලෙස කටයුතු කරන බවත් රියදුරන් 800ක් බඳවා ගැනීමට කටයුතු කළත් එයට ඔවුන්ගේ අපොස සාමාන්‍ය පෙළ අධ්‍යාපන සුදුසුකම් බලපා ඇති බවයි අමාත්‍යවරයා එහිදී සඳහන් කළේ.

රියැදුරු සතු පළපුරුද්ද හා බරවාහන සහතික තිබුණත් ඔවුන් බඳවා ගැනීමේදී පවතින මෙම තත්ත්වය සැලකිල්ලට ගෙන දැනට අවශ්‍ය සාමාන්‍ය පෙළ වැඩ හයයි දෙකක් වන අධ්‍යාපන සුදුසුකම වෙනස් කර එය සාමාන්‍ය පෙළ දක්වා පමණක් අධ්‍යාපනය ලැබීම සුදුසුකමක් ලෙස වෙනස් කර අනුමැතිය ලබාගෙන ඔවුන් බඳවා ගැනීමට කටයුතු කරන බව අමාත්‍යවරයා එහිදී අවධාරණය කළේය.