29.5 C
Colombo
Sunday, July 20, 2025

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ. කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsවන්නිල ඇත්තන්ගේ පෙත්සමට දින නියම වෙයි

වන්නිල ඇත්තන්ගේ පෙත්සමට දින නියම වෙයි

රඹකැන්ඔය ප්‍රදේශයේ පිහිටි සිය පාරම්පරික නිජබිම් හෙළිපෙහෙළි කොට ඒවා විවිධ වගා කටයුතු සඳහා පෞද්ගලික සමාගම් වෙත පැවරීමට මහවැලි අධිකාරිය ගෙන තිබෙන තීරණයට එරෙහිව ආදිවාසී නායක ඌරුවරිගේ වන්නිල ඇත්තන් විසින් ඉදිරිපත් කර තිබෙන රිට් පෙත්සම සැප්තැම්බර් 08 වැනිදා විභාගයට ගැනීමට අභියාචනාධිකරණය අද (02) නියම කළා.

මෙම පෙත්සම අද (02) සෝභිත රාජකරුණා සහ ධම්මික ගනේපොල යන විනිසුරුවරුන්ගෙන් සමන්විත අභියාචනාධිකරණ විනිසුරු මඩුල්ල ඉදිරියේ කැඳවනු ලැබුවා. එහිදී විනිසුරු මඩුල්ල නියෝග කළේ අදාළ පෙත්සම විභාගය සඳහා සැප්තැම්බර් මස 08 වැනිදා කැඳවන ලෙසයි.

පෙත්සම්කාර ආදිවාසී නායකයා කියා සිටින්නේ රඹකැන් ඔය ප්‍රදේශයෙහි පිහිටි සිය පාරම්පරික නිජබිම හෙළිපෙහෙළි කොට අදාළ ඉඩම් බඩඉරිඟු වගා කිරීම සඳහා පෞද්ගලිකව සමාගම් වෙත ලබාදීමට මහවැලි අධිකාරිය තීරණය කර ඇති බවයි.

මේ තුළින් සිය ප්‍රජාවට දැඩි අයුක්තියක් සිද්ධ වන බවත් එබැවින් අදාළ තීරණය බල රහිත කිරීමේ නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලමින් ආදිවාසී නායකයා මෙම නඩුව ගොනුකර තිබෙනවා.