― political ―

අලුත් දේවල් හඳුන්වා දීම වික්‍රමසිංහ පරම්පරාවේ ලක්ෂණයක් – අගමැති

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මැතිතුමා උතුරේ සිට දකුණටත්, නැගෙනහිර සිට බටහිරටත් ජනතාවගේ මූලික අවශ්‍යතා හිඟයකින් තොරව ලබාදීමට කටයුතු කළ ශ්‍රේෂ්ඨ නායකයෙක් බව අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන...
HomeNewsPoliticalසජබයට එරෙහිව ඩයනා අධිකරණයට

සජබයට එරෙහිව ඩයනා අධිකරණයට

රාජ්‍ය ඇමතිනී ඩයනා ගමගේ විසින් සමගි ජන බලවේගයට එරෙහිව ඉදිරිපත් කළ පෙත්සම විභාගයට ගැනීමට ශ්‍රේෂ්ඨාධිකරණය දින නියම කර තිබේ.

සිය පාර්ලිමේන්තු මන්ත්‍රී ධූරය අහිමි කිරීමට සමගි ජන බලවේගය ගෙන තිබෙන තීරණය බලරහිත කිරීමේ නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලා ඩයනා ගමගේ විසින් මෙම පෙත්සම ගොනු කර ඇත.

මෙම පෙත්සම අද (02) කැඳවනු ලැබූ අවස්ථාවේදී විනිසුරු මඩුල්ල නියම කළේ අදාළ පෙත්සම ජුනි 08 වැනිදා විභාගයට ගැනීමටයි.

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ විසිවන සංශෝධනයට සහාය පළකළේ යැයි චෝදනා කරමින් වගඋත්තරකරුවන් තමන්ව මන්ත්‍රි ධුරයෙන් නෙරපීමට කටයුතුකර ඇති බවත් එම තීරණයට එළඹීමට පෙර වගඋත්තරකරුවන් කිසිදු සාධාරණ විනය පරීක්ෂණයක් ලබාදීමට කටයුතු නොකළ බවත් පෙන්වා දෙන රාජ්‍ය ඇමතිවරිය මේ තුළින් ස්වභාවික යුක්ති ධර්මය නැමැති නීතිමය මූලධර්මය උල්ලංඝනය වී ඇති බවත් රාජ්‍ය අමාත්‍යවරිය පැවසුවාය.

ඒ අනුව සිය මන්ත්‍රී ධුරය අහිමිකිරීමට වගඋත්තරකරුවන් ගෙන තිබෙන තීරණය නීතියට පටහැනි යැයි තීන්දු කොට එය බලරහිත කිරීමේ නියෝගයක් නිකුත් කරන ලෙසත් සිය පෙත්සමෙන් ඇය වැඩිදුරටත් ඉල්ලා සිටියාය.