― political ―

වතුකරයේ ජනතාවගෙන් රනිල්ට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් – ජීවන්

මෙවර ජනාධිපතිවරණයේදී රනිල් වික්‍රමසිංහට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් ලබාදීමට වතුකරයේ ජනතාව සූදානම් බව ලංකා කම්කරු කොංග්‍රසයේ මහ ලේකම් සහ අමාත්‍ය ජීවන් තොණ්ඩමන් පවසනවා. 2024 ජනාධිපතිවරණයේ මැතිවරණ...

HomeNewsආයෝජකයින්ට පහසුකම් සලසන්න කාර්ය සාධක බළකා 07ක්

ආයෝජකයින්ට පහසුකම් සලසන්න කාර්ය සාධක බළකා 07ක්

ජනාධිපති ලේකම් කාර්යාලය විසින් කාර්ය සාධක බළකා හතක් යටතේ ආයෝජකයින්ට පහසුකම් සැලසීමේ සේවා සපයන ආයතන 54ක් ඇති කිරීමට සැලසුම් කර තිබේ.

කාර්යක්‍ෂමතාව වැඩිකිරීම සඳහා අදාළ ක්‍රියාවලි සරල කිරීම, ගතවන කාලය අඩු කිරීම සහ තොරතුරු පහසුවෙන් ලබා ගැනීමට හැකියාව සැලසීම එම ආයතනවල අරමුණ බවයි ජනාධිපති මාධ්‍ය ඒකකය පවසන්නේ.

ඒ අනුව කාර්ය සාධක බළකා වෙත විධිමත් කාර්යභාරයක් පවරා ඇති අතර ඒ සඳහා ස්ථාවර ක්‍රමවේදයක් ද හඳුන්වා දී තිබෙනවා.

ව්‍යාපාර ප්‍රවේශය පහසු කිරීම සඳහා සමාගම් රෙජිස්ට්‍රාර් කාර්යාලයේ නීතිමය පද්ධතින් යාවත්කාලීන කිරීම සහ මෙහෙයුම් වැඩිදියුණු කිරීම් පිළිබඳව අවධානය යොමු කරන ව්‍යාපාර ලියාපදිංචි කිරීමේ කාර්ය සාධක බළකාය ඊට ඇතුළත්.

මිනුම්පති දෙපාර්තමේන්තුව, කොළඹ මහ නගර සභාව, බස්නාහිර පළාත් ආදායම් දෙපාර්තමේන්තුව, තොරතුරු සහ සන්නිවේදන තාක්ෂණ නියෝජිත ආයතනය ඇතුළු ආයතන 7 කින් මෙම කාර්ය සාධක බළකාය සමන්විතය.