32 C
Colombo
Monday, April 13, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsඉන්දීය ගුවන් හමුදාපති හා මෙරට ගුවන් හමුදාපති අතර හමුවක්

ඉන්දීය ගුවන් හමුදාපති හා මෙරට ගුවන් හමුදාපති අතර හමුවක්

මෙරට සංචාරයක නිරත ඉන්දීය ගුවන් හමුදාපති එයාර් චිප් මාර්ෂල් විවෙික් රාමි චෞද්රි හා මෙරට ගුවන් හමුදාපති එයාර් මාර්ෂල් සුදර්ශන පතිරණ අතර හමුවක් සිදුව තිබේ.

කටුනායක මුලික ගුවන් හමුදා කඳවුරේදී මෙම හමුව සිදුව ඇති අතර එහිදී ඉන්දීය ගුවන් හමුදාපතිවරයා විසින් ශ්‍රී ලංකා ගුවන් හමුදාවේ ඇන්ටොනෝවි 32 ප්‍රවාහන ගුවන් යානා සදහා අවශ්‍ය උපකරණ ප්‍රදානයක් සිදු කර තිබෙනවා.

එහිදී ඇන්ටොනෝවි 32 වර්ගයේ ගුවන් යානා සඳහා අවශ්‍ය අවරපෙති යුගල (Propeller) ද්විත්වයක්ද ඉන්දීය ගුවන් හමුදාපතිවරයා විසින් නිල වශයෙන් භාර දී තිබෙනවා.

ශ්‍රී ලංකා ගුවන් හමුදාවේ ප්‍රවාහන ගුවන් ශක්තිය ඉහළ නැංවීමේ අරමුණින් ඉන්දියාව හා ශ්‍රී ලංකාව අතර පැවති වාර්ෂික 7 වන ආරක්ෂක සංවාදයේදි මෙරට ගුවන් හමුදාපතිවරයා ඉන්දීය රජයෙන් සිදු කළ ඉල්ලීමකට අනුවයි මෙම ප්‍රදානය සිදු කර ඇත්තේ.