28.4 C
Colombo
Friday, July 18, 2025

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ. කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsඋසස් පෙළ පිළිතුරු පත්‍ර ඇගයීමේ කාලය දීර්ඝ කෙරේ

උසස් පෙළ පිළිතුරු පත්‍ර ඇගයීමේ කාලය දීර්ඝ කෙරේ

උසස් පෙළ විභාග විෂයන් 52ක් සඳහා පිළිතුරු පත්‍ර ඇගයීම් කටයුතු සඳහා ප්‍රමාණවත් අයදුම්පත් ලැබී ඇති බව විභාග කොමසාරිස් ජනරාල් අමිත් ජයසුන්දර පවසයි.

තවත් විෂයන් 11ක් සඳහා අයදුම්පත් භාරගැනීමේ කාලය හෙට (04) මධ්‍යම රාත්‍රිය දක්වා දීර්ඝ කළ බවයි ඔහු වැඩිදුරටත් සඳහන් කළේ.

උසස් පෙළ විභාගයේ ඇගයීම් සඳහා ගුරුවරුන්ගෙන් මාර්ගගත ක්‍රමයට අයදුම්පත් කැඳවීමට ඒ අනුව දීර්ඝ කර ඇති අතර ඒ අනුව එම කාලය ඊයේ (02) මධ්‍යම රාත්‍රීයෙන් අවසන් වීමට නියමිතව තිබුණ ද ප්‍රමාණවත් අයදුම්පත්‍ර නොලැබීම හේතුවෙන් මෙලෙස අයදුම්පත් කැඳවීම දීර්ඝ කර ඇති බව විභාග කොමසාරිස් ජනරාල්වරයා ප්‍රකාශ කළේය.