― political ―

ශ්‍රී ලංකාව වල පල්ලට යවනවාද කියා තීරණය ඇත්තේ ජනතාව අතේ – ශෙහාන්

ආර්ථික වශයෙන් පිහිතලයක් මත ඇති අයිස් කන්දක් මෙන් පවතින ශ්‍රී ලංකාව ඉතාමත් සීරුවෙන් කළමනාකරණය කළ යුතුව පවතින බවත් ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ සහාය මත ශ්‍රී...
HomeHot Newsකසල තේ කිලෝ 21,000ක් සමඟ තුන් දෙනෙකු STF අත්අඩංගුවට

කසල තේ කිලෝ 21,000ක් සමඟ තුන් දෙනෙකු STF අත්අඩංගුවට

බලපත්‍රයක් නොමැතිව හැටන් සිට දඹුල්ල දක්වා ප්‍රවාහනය කිරීමට සූදානම් කර තිබූ කසල තේ කිලෝ 21,340ක් සමග සැකකරුවන් තුන් දෙනෙකු ලොරි රථ දෙකක් සමග අත්අඩංගුවට ගෙන තිබෙනවා.

තලවකැලේ පොලිස් විශේෂ කාර්ය බලකායේ නිලධාරීන් කණ්ඩායමක් විසිනුයි අද (03) පස්වරුවේ සැකකරුවන් අත්අඩංගුවට ගෙන ඇත්තේ.

කසල තේ ජාවාරම සිදු කල ප්‍රධාන සැකකරු රුවන්පුර ප්‍රදේශයේ ඉඩමක් බදු පදනම මත ලබාගෙන කාලයක් තිස්සේ වතු ආශ්‍රිත තේ කර්මාන්ත ශාලාවලින් කසල තේ රැගෙන විත් ගබඩා කර පසුව ඒවා ලොරි රථවලින් දඹුල්ල ඇතුළු දිවයිනේ විවිධ ප්‍රදේශවලට ඉතා සූක්ෂම ලෙස ප්‍රවාහනය කරමින් සිට ඇති බව හෙළිවී තිබෙනවා.

අත්අඩංගුවට ගත් ලොරි රථ දෙකේ කසල තේ කිලෝ 14,000ක් පටවා තිබු අතර සෙසු කසල තේ තොගය එම ඉඩමේ ගබඩාවක තිබියදී සොයා ගැනුණා.

කසල තේ තොගයේ වටිනාකම මෙතෙක් තක්සේරු කර නොමැති අතර, ජාවාරම මෙහෙය වූ ප්‍රධාන සැකකරු හැටන් ප්‍රදේශයේම පදිංචිකරුවෙකු බව සඳහන්.

ලොරි රථ දෙකේ රියදුරන් දෙදෙනා දඹුල්ල ප්‍රදේශයේ පදිංචිකරුවන් බවයි වැටලිම සිදු කළ නිලධාරින් කියාසිටියේ.

අත්අඩංගුවට ගත් සැකකරුවන් හැටන් මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීම සඳහා හැටන් පොලිසිය වෙත භාර දී තිබෙනවා.