27.2 C
Colombo
Saturday, July 19, 2025

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ. කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsකුඩා දරුවෙක් ඇතුළු දෙදෙනෙක් දුම්රියට බිලිවෙයි

කුඩා දරුවෙක් ඇතුළු දෙදෙනෙක් දුම්රියට බිලිවෙයි

වැලිගම පැලෑන පෝර ගබඩා දුම්රිය හරස් මාර්ගයේදී ත්‍රීරෝද රථයක් දුම්රියේ ගැටීමෙන් සිදු වූ අනතුරකින් කුඩා දරුවෙකු ඇතුළු දෙදෙනෙකු ජීවිතක්ෂයට පත්ව තවත් 4දෙනකු තුවාල ලබා තිබෙනවා.

තුවාලකරුවන් මාතර මහ රෝහලට ඇතුළත් කර ඇති බවයි වැලිගම පොලිසිය සඳහන් කළේ. අද (03) දහවල් මාතර සිට මහනුවර බලා ධාවනය වූ දුම්රිය වැලිගම දුම්රිය ස්ථානයට ආසන්නව ධාවනය වෙමින් තිබියදී මෙලෙස ත්‍රීරෝද රථය ගැටී තිබෙනවා.

එම ත්‍රී රෝද රථයේ ගමන් කර ඇත්තේ එකම පවුලේ දරුවන් තිදෙනෙකු, ඔවුන්ගේ මව සහ තවත් දෙදෙනෙක්. ත්‍රීරෝද රථය යුද හමුදාවේ සේවය කරන ලබා නිවාඩු ලැබ පැමිණ සිටි 32 හැවිරිදි අයෙකු විසින් පදවා ඇති අතර ඔහු එම ස්ථානයේදීම ජීවිතක්ෂයට පත්ව ඇති බව සඳහන්.

අනතුරෙන් තුවාල ලැබූ වයස අවුරුදු 9 ක දරුවෙකු මාතර මහ රෝහලට ඇතුළත් කිරීමේදී ජීවිතක්ෂයට පත්ව ඇති අතර අනෙක් දරුවන් දෙදෙනා, මව සහ තවත් අයෙකු ප්‍රතිකාර සඳහා මාතර මහ රෝහලට යොමු කර තිබෙනවා.

මෙම පිරිස වැලිගම පැලෑන මෝදර වත්ත ප්‍රදේශයේ පදිංචි අය බව සඳහන්. පාසැල අවසන් වීමෙන් පසුව දරුවන් තිදෙනා මව විසින් නිවසට රැගෙන යමින් සිටියදී මෙම අනතුර සිදුව ඇති බවට අනාවරණ වී තිබෙනවා.