31 C
Colombo
Sunday, February 23, 2025

― political ―

ජාතික ජන බලවේගයේ පක්ෂ නායකයින් අද මැතිවරණ කොමිසම හමුවට

ජාතික ජන බලවේගයේ පක්ෂ ලේකම් වෛද්‍ය නිහාල් අබේසිංහ මහතා ඇතුළු පක්ෂ නායකයින් පිරිසක් අද (19) මැතිවරණ කොමිසම හමුවීමට නියමිතය. පළාත් පාලන මැතිවරණ පැවැත්වීමේ සුදානම...
HomeNewsගානියා බැනිස්ටර්ට එරෙහි අධිචෝදනා සංශෝධනයට අවසර

ගානියා බැනිස්ටර්ට එරෙහි අධිචෝදනා සංශෝධනයට අවසර

2019 වසරේ නොවැම්බර් මස සුදු වෑන් රථයකින් පැමිණි ආයුධ සන්නද්ධ පිරිසක් තමන්ව පැහැරගෙන ගොස් ලිංගික හිරිහැර සිදු කළ බවට පොලීසිය වෙත අසත්‍ය පැමිණිල්ලක් ඉදිරිපත් කළේ යැයි චෝදනා එල්ල වී සිටින කොළඹ පිහිටි ස්විට්සර්ලන්ත තානාපති කාර්යාලයේ නිලධාරිනියක වන ගානියා බැනිස්ටර් ෆ්‍රැන්සිස්ට එරෙහිව ඉදිරිපත් කර තිබෙන අධිචෝදනා පත්‍රය සංශෝධනය කිරීමට කොළඹ මහාධිකරණය අද (03) නීතිපතිවරයාට අවසර ලබාදී තිබෙනවා.

ඒ මෙම නඩුව අද කොළඹ මහාධිකරණ විනිසුරු නාමල් බළල්ලේ ඉදිරියේ කැඳවනු ලැබූ අවස්ථාවේදී යි.

එහිදී නීතිපතිවරයා කර තිබූ ඉල්ලීමට අනුව අදාළ චෝදනා පත්‍රය සංශෝධනය කිරීමට විනිසුරුවරයා අවසර ලබාදුන්නා. ඉන් අනතුරුව අදාළ නඩුව ජුන මස 15 වනදා කැඳවන ලෙසටයි අධිකරණය නියෝග කළේ.

2019 වසරේ නොවැම්බර් මස 25 වනදා කොළඹ, කුරුඳුවත්ත පොලිස් වසම තුළ පිහිටි ශාන්ත බ්‍රිජට් කන්‍යාරාමය අසළ දී සුදු වෑන් රථයකින් පැමිණි සන්නද්ධ පිරිසක් තමන්ව පැහැරගෙන ගොස් ලිංගික හිරිහැර සිදු කරමින් ප්‍රශ්න කළ බවට අසත්‍ය පැමිණිල්ලක් පොලිසිය වෙත ඉදිරිපත් කිරීම සම්බන්ධයෙන් ගානියා බැනිස්ටර් ෆ්‍රැන්සිස් නැමැත්තියට එරෙහිව නීතිපතිවරයා විසින් මෙම නඩුව ගොනු කර තිබෙනවා.