29.5 C
Colombo
Sunday, March 15, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsඡන්දෙට ඉදිරිපත් වූ රාජ්‍ය සේවකයින් ගැන තීරණයක්

ඡන්දෙට ඉදිරිපත් වූ රාජ්‍ය සේවකයින් ගැන තීරණයක්

පළාත් පාලන මැතිවරණයට අපේක්ෂකයන් ලෙස නාමයෝජනා භාර දුන් රාජ්‍ය සේවකයින්ට තමන් තරග කරන දිස්ත්‍රික්කය හැර ළඟම ඇති පළාත් පාලන කොට්ඨාසය තුළ රැකියාවල නිරත වීමට කැබිනට් අනුමැතිය හිමිව තිබේ.

රජයේ සේවකයින් සම්බන්ධයෙන් ඡන්දය පවත්වනු ලබන තෙක් ගත යුතු ක්‍රියාමාර්ග පිළිබඳව මැතිවරණ කොමිෂන් සභාව නිකුත් කරන ලද නිරීක්ෂණ සැලකිල්ලට ගනිමිනුයි මෙම තීරණය ගෙන ඇත්තේ.

රාජ්‍ය පරිපාලන සහ ස්වාදේශ කටයුතු රාජ්‍ය අමාත්‍ය ජානක වක්කුඹුර විසින් අමාත්‍ය මණ්ඩලයට ඉදිරිපත් කළ යෝජනාවකට එලෙස කැබිනට් මණ්ඩල අනුමැතිය හිමිව තිබේ.