― political ―

වතුකරයේ ජනතාවගෙන් රනිල්ට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් – ජීවන්

මෙවර ජනාධිපතිවරණයේදී රනිල් වික්‍රමසිංහට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් ලබාදීමට වතුකරයේ ජනතාව සූදානම් බව ලංකා කම්කරු කොංග්‍රසයේ මහ ලේකම් සහ අමාත්‍ය ජීවන් තොණ්ඩමන් පවසනවා. 2024 ජනාධිපතිවරණයේ මැතිවරණ...

HomeNewsPoliticalජනතාව වෙනුවෙන් බලය ලබාගැනීම වගේම අත්හැරීමත් අපිට පුරුදුයි

ජනතාව වෙනුවෙන් බලය ලබාගැනීම වගේම අත්හැරීමත් අපිට පුරුදුයි

තමා අතීතයේ බොහෝ දේ අත්විඳ ඇති බැවින් මිනිසුන් හඳුනා ගැනීමට හැකි වූ බවත් ජනතාව සමඟ එක්ව නියම වේලාවට නිවැරදි තීරණයක් ගන්නා බවත් හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ පැවසීය.

හෙතෙම මේ බව ප්‍රකාශ කළේ පොදුජන පෙරමුණේ මැයි දින රැළිය අමතමිනි.

එහිදී වැඩිදුරටත් අදහස් දක්වමින් ඔහු වැඩිදුරටත් මෙසේද කීය.

මිත්‍රවරුනි, සමහරු අපිට බනිනවා. නමුත් ඒ ඔවුන්ගේ දේශපාලන ව්‍යාපාරයයි. අවශ්‍ය වූ විට අපි නිවැරදි තීරණ ගන්නා බව අපි ඔබට මතක් කර දිය යුතුයි. අපි ආර්ථිකය සැලසුම් කරන විට වැඩකරන ජනතාවට ප්‍රමුඛත්වය දිය යුතුයි. එදා සිට අද දක්වා අපි බලයේ සිටියත් නැතත් ඔබ අප සමඟ සිට රට වෙනුවෙන් අපව බලයට ගෙන ඒමට අවශ්‍ය කැපකිරීම් කළා.

සැබෑ කම්කරු නායකයන් පටු දේශපාලන වාසි තකා වැඩ කරන්නේ නැහැ. එකල රටේ නිදහස පිටුපස සිටි ප්‍රධාන බලවේගය වූයේ කම්කරු ව්‍යාපාරයයි. ඔබට මතක ඇති. එදා කම්කරු නායකයන් කිසිවිටෙකත් කම්කරු ව්‍යාපාරය රට අරාජික කිරීමට යොමු කළේ නැහැ.

බටහිර අධිරාජ්‍යවාදයේ රූකඩ බවට පත්වීමට වඩා ප්‍රාදේශීය වශයෙන් වැඩකටයුතු කිරීමට යාමේදී විවිධ රාජ්‍ය නොවන සංවිධාන හා දේශපාලන සංවිධාන එකතුකරගෙන කුමන්ත්‍රණයක් ක්‍රියාත්මක විය. ඔවුන්ට අවශ්‍ය වුණේ අපේ දේපොළවලට විතරක් නෙවෙයි අපේ ජීවිතවලටත් හානි කරන්න.

ජනතාව වෙනුවෙන් බලය ලබාගෙන ජනතාව වෙනුවෙන් බලය අත්හැරීමේ දේශපාලන අත්දැකීම් අපටත් අපේ පක්ෂයටත් තිබෙන බව මේ අවස්ථාවේ මතක තබාගත යුතුයි. අපි පසුගිය කාලයේ බොහෝ අත්දැකීම් ලැබුවා. ජනතාව අනුමත කළා. අපි දැන් රට ශක්තිමත් කළ යුතුයි. අනාගත පරපුරට හොඳ රටක් හදමු.