24 C
Colombo
Monday, October 20, 2025

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsජූලි මාසයේදී විදුලි බිලේ වෙනසක්

ජූලි මාසයේදී විදුලි බිලේ වෙනසක්

ලබන ජූලි මාසය වනවිට විදුලි මිල සමාලෝචනය කර සංශෝධනය කෙරෙන බව විදුලිබල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර පවසනවා.

ට්විටර් පණිවුඩයක් නිකුත් කරමින් අමාත්‍යවරයා මේ බව පැවසීය.

එම නිවේදනයේ වැඩිදුරටත් දැක්වෙන්නේ පිරිවැය පරාවර්තක මිල යාන්ත්‍රණයක් ක්‍රියාත්මක කිරීමට සහ සෑම වසරකම ජනවාරි සහ ජූලි මාසවලදී ද්විවාර්ෂිකව විදුලි මිල සමාලෝචනය කර සංශෝධනය කිරීමට 2022 දෙසැම්බරයේ දී ගන්නා ලද රජයේ ප්‍රතිපත්ති සහ කැබිනට් තීරණයට අනුකූලව මෙම සංශෝධනය සිදු වන බවයි.