30 C
Colombo
Thursday, April 24, 2025

― political ―

ජාතික ජන බලවේගයේ පක්ෂ නායකයින් අද මැතිවරණ කොමිසම හමුවට

ජාතික ජන බලවේගයේ පක්ෂ ලේකම් වෛද්‍ය නිහාල් අබේසිංහ මහතා ඇතුළු පක්ෂ නායකයින් පිරිසක් අද (19) මැතිවරණ කොමිසම හමුවීමට නියමිතය. පළාත් පාලන මැතිවරණ පැවැත්වීමේ සුදානම...
HomeNewsඩෙංගු, මී උණ හා කොවිඩ් ගැන රතු එළියක්

ඩෙංගු, මී උණ හා කොවිඩ් ගැන රතු එළියක්

දිවයින පුරා ඩෙංගු රෝගීන් 30, 000ක් පමණ වාර්තා වී තිබෙන අතර බස්නාහිර පළාතේ කොළඹ දිස්ත්‍රික්කය තුළ වැඩිම ප්‍රමාණයක් වාර්තා වී තිබෙන බවයි ශ්‍රී ලංකා වෛද්‍ය සංගමයේ සභාපතිවරයා දන්වා සිටින්නේ.

කුඩා දරුවන් මදුරු දෂ්ඨනයෙන් ආරක්ෂා කර ගත යුතු බවයි සෞඛ්‍ය අංශ අවධාරණය කර සිටින්නේ. ආසියාවේ ඉන්දියාව, වියට්නාමය, සිංගප්පුරුව වගේ රටවල්වල කොවිඩ් රෝගීන් දිනපතා වාර්තා වන අතර අපේ රටෙත් දිනකට රෝගීන් 05ක් 06ක් පමණ වාර්තා වන බව ශ්‍රී ලංකා වෛද්‍ය සංගමයේ සභාපතිවරයා දන්වා සිටිනවා.

මේ දිනවල පැතිර යන නිසා උණ රෝගී තත්වයන් නිසා ඉන්ෆ්ලුවෙන්සා වැනි රෝගවලින් කොවිඩ් වෙන්කර හදුනා ගත යුතු බවත් පසුගිය කාලයේ පිළිපැදි ක්‍රමවේද නැවත අනුගමනය කල යුතු බවත් දන්වා සිටිනවා.

සෙනඟ ගැවසෙන ස්ථානවලට යාමේදී මුව ආවරණ පැළදීම සිදු කළ යුතු බව සභාපතිවරයා වැඩිදුරටත් දන්වා සිටිනවා.