29 C
Colombo
Monday, September 29, 2025

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsදරුවන්ව හදාගන්න අමාරු නම් මෙතනට බාරදෙන්න

දරුවන්ව හදාගන්න අමාරු නම් මෙතනට බාරදෙන්න

හදා වඩා ගැනීමට නොහැකි මාස 3ට අඩු දරුවන් භාරදීම සඳහා පළාත් මට්ටමින් කවුළු පිහිටුවීමට තීරණය කර ඇති බව පරිවාස හා ළමාරක්ෂක දෙපාර්තමේන්තුව පවසයි.

ඊට අදාළ නීති කඩනමින් සම්පාදනය කරන බවත් දරුවන් විවිධ හිරිහැරයන්ට ලක්වීම, ඝාතනය වීම් හා මහගම දමා යාමේ සිද්ධි සම්බන්ධයෙන් අවධානය යොමු කරමින් මෙම කඩිනම් තීරණයට එළඹි බවත් එම දෙපාර්තමේන්තුව වැඩිදුරටත් සඳහන් කළේය.

දැනට පවතින නීතිය අනුව දරුවන් අතහැර යන මව්පියන්ට එරෙහිව නීතිමය ක්‍රියාමාර්ග ගත හැකි බවත් නව සංශෝධන අනුව දරුවන් භාර ගැනීමේ කවුළු වෙත සිය දරුවන් භාර දෙන මව්පියන්ට එරෙහිව නීතිමය ක්‍රියාමාර්ග නොගන්නා බවත් පරිවාස හා ළමාරක්ෂක දෙපාර්තමේන්තුව පැවසීය.