― political ―

වතුකරයේ ජනතාවගෙන් රනිල්ට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් – ජීවන්

මෙවර ජනාධිපතිවරණයේදී රනිල් වික්‍රමසිංහට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් ලබාදීමට වතුකරයේ ජනතාව සූදානම් බව ලංකා කම්කරු කොංග්‍රසයේ මහ ලේකම් සහ අමාත්‍ය ජීවන් තොණ්ඩමන් පවසනවා. 2024 ජනාධිපතිවරණයේ මැතිවරණ...

HomeNewsදින තුනකදී ඩෙංගු රෝගීන් 700ක්

දින තුනකදී ඩෙංගු රෝගීන් 700ක්

2023 වසරේ ගතවූ මාස 4 තුළ පමණක් ඩෙංගු ආසාදිතයින් 30,000 ඉක්මවා වාර්තා වී ඇති බව ශ්‍රී ලංකා වෛද්‍ය සංගමය පවසයි.

ශ්‍රී ලංකා වෛද්‍ය සංගමයේ සහකාර ලේකම්, වෛද්‍ය ළහිරු කොඩිතුවක්කු පැවසුවේ ඒ අතරින් සියයට 50ක් වාර්තා වන්නේ බස්නාහිර පළාතේ කොළඹ සහ ගම්පහ දිස්ත්‍රික්කවලින් බවයි.

එම දත්ත වාර්තාවලට අනුව එම කාලය තුළ ඩෙංගු වැළදීමෙන් මිය ගොස් ඇති පුද්ගලයින් ගණන 15කි.

මැයි මාසයේ මුල් දින කිහිපය තුළ පමණක් ඩෙංගු රෝගීන් 700කට ආසන්න ප්‍රමාණයක් මුළු දිවයිනෙන්ම වාර්තා වෙලා තියෙනවා. වැඩිම රෝගීන් සංඛ්‍යාවක් වාර්තා වෙන්නේ කොළඹ සහ ගම්පහ දිස්ත්‍රික්කවලින් ගම්පහ දිස්ත්‍රික්කයේ මේ වෙද්දි ඩෙංගු දැඩි අවධානම් තත්ත්වයක තමයි තියෙන්නේ. ඊට අමතරව කළුතර සහ මඩකලපුව දිස්ත්‍රික්කවලත් ඩෙංගු අවධානම් තත්ත්වයක් ඇති වෙමින් පවතිනවා. දිවයිනෙන් වාර්තා වන ඩෙංගු රොගීන්ගෙන් 50%කට ආසන්න ප්‍රමාණයක් වාර්තා වෙන්නේ බස්නාහිර පළාතෙන් ඉදිරියේ දී ඇති වෙන වර්ෂා කාලයේදී අනිවාර්යයෙන්ම තවදුරටත් ඩෙංගු රෝගීන් වැඩිවීමක් අපි අපේක්ෂා කරනවා. ඉහළ මට්ටමකින් තමා මේ වැඩිවීම පටන් ගන්නේ. ඒක නිසා මේ තත්ත්වය සමහර වෙලාවට අපි හරියට පාලනය කළේ නැත්නම් සමහර විට වසංගත තත්ත්වයකට පරිවර්ථනය පුළුවන්.