27.2 C
Colombo
Saturday, July 19, 2025

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ. කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeHot Newsපාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙක් ගමන් ගත් ජීප් රථයක් අනතුරක

පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙක් ගමන් ගත් ජීප් රථයක් අනතුරක

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ කුරුණෑගල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජයරත්න හේරත් මහතා ගමන් කළ ජීප් රථයක් වාරියපොල ප්‍රදේශයේ දී අනතුරට ලක්වී තිබෙනවා.

එම ජීප් රථය තවත් කුඩා ලොරි රථයක ගැටීමෙන් 6 දෙනෙකු තුවාල ලබා රෝහල් ගත කළ බවයි වාරියපොල පොලිසිය සඳහන් කළේ.

අනතුරින් මන්ත්‍රීවරයාට තුවාල සිදුවී නොමැති අතර ඔහු වෙනත් රථයකින් එම ස්ථානයෙන් පිටව ගොස් තිබෙනවා.

වාරියපොල නගර මධ්‍යයේ සිට මීටර් 150ක් පමණ දුරින් කුරුණෑගල මාර්ගයේදී අනතුර සිදුවී ඇති බවයි පොලිසිය සදහන් කළේ.

අනතුරින් ලොරි රථයේ ගමන් කළ 05 දෙනෙකු සහ මන්ත්‍රීවරයා ගමන් ගත් ජීප් රථය පැදවූ රියදුරු තුවාල ලබා එම අවස්ථාවේ දීම වාරියපොල දිසා රෝහලට ඇතුලත් කර තිබෙනවා.

පසුව එම පිරිස වැඩිදුර ප්‍රථිකාර සදහා කුරුණෑගල ශික්ෂණ රෝහල වෙත මාරුකර යවා ඇති බවයි වාර්තා වන්නේ.