26.7 C
Colombo
Sunday, April 12, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsපාර්ලිමේන්තු ව්‍යවස්ථාදායක සභාව යළි රැස්වෙයි

පාර්ලිමේන්තු ව්‍යවස්ථාදායක සභාව යළි රැස්වෙයි

අද (03) පෙරවරු 09.30ට පාර්ලිමේන්තු සංකීර්ණයේදී ව්‍යවස්ථාදායක සභාව රැස්වීමට නියමිත අතර එහිදී මෙතෙක් සාමාජිකයින් පත්කර නොමැති ස්වාධීන කොමිෂන් සභා සඳහා සාමාජිකයින් පත්කිරීමට සැලසුම් කර ඇති බව වාර්තා වෙයි.

මේ වනවිට රාජ්‍ය සේවා කොමිෂන් සභාව, විගණන සේවා කොමිෂන් සභාව, ජාතික ප්‍රසම්පාදන කොමිෂන් සභාව යන කොමිෂන් සභා සඳහා නව සාමාජිකයින් පත්කිරීමට පියවර ගෙන තිබේ.

මෙතෙක් සාමාජිකයින් පත්කර නොමැති මැතිවරණ කොමිෂන් සභාව, පොලිස් කොමිෂන් සභාව, ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිෂන් සභාව, අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව ඇතුළු කොමිෂන් සභා සඳහා සාමාජිකයින් පත්කිරීමට නියමිතව තිබෙනවා.

අදාළ පත්කිරීම් සියල්ල මෙම සතිය තුළ අවසන් කිරීමට නියමිත බව සඳහන් ය.