27.2 C
Colombo
Tuesday, March 24, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsබිත්තර ලක්ෂ 20ක් වරායේ සිරවෙයි

බිත්තර ලක්ෂ 20ක් වරායේ සිරවෙයි

ඉන්දියාවෙන් ආනයනය කළ බිත්තර ලක්‍ෂ 20කට අධික ප්‍රමාණයක් තත්ත්ව සහතිකය ප්‍රමාද වීම නිසා වරායේ සිරවී ඇති බව රාජ්‍ය වාණිජ විවිධ නීතිගත සංස්ථාවේ උසස් නිලධාරියෙක් පැවසීය.

මෙම බිත්තර තොගය ආනයන කර සති කීපයක් ගත වී තිබුණ ද සත්ව නිෂ්පාදන හා සෞඛ්‍ය දෙපාර්තමේන්තුව තත්ව සහතික නිකුත් නොකිරීම හේතුවෙන් මෙම තත්වය උදාවී ඇති බවත් සත්ව නිෂ්පාදන හා සෞඛ්‍ය දෙපාර්තමේන්තුව එම බිත්තර සාම්පල ලබාගෙන මේ වන විට සති කීපයක් ගතවී ඇති බවත් ඔහු අවධාරණය කළේය.